Thursday, July 4, 2024

පැරඩයිස් | PARADISE

 




ඕස්ට්රේලියාවේ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී හා ප්රශ්ණ කිරීමේදී අනුගමනය කරන මෘදු ක්රියා පටිපාටිය ගැන කතා බහක යෙදුනු අවස්ථාවක වික්ටෝරියානු පොලීසියේ සේවයේ නියුතුව සිටි ශ්රී ලාංකික පොලිස් පරීක්ෂකවරයෙකු පැවසූ දෙයක් මාගේ මතකයට නැගේ. තම රැකියාවට බැඳුනු මුල් අවධියේ ඔවුන් අනුගමනය කරන මෘදු ක්රියා පටිපාටිය නිසා අපරාධ කරුවන් කොටුකර ගැනීමේදී සිදුවූ අසීරුතාවය ගැන අපැහැදුනු අප මිත්රයා ඔවුන් හට පවසා සිටියේ ලංකාවේ නම් සාමාන්යයෙන් එවැනි අවස්ථාවල අනුගමනය කරන නොයෙක් අකාරයේ වැඩ පිළිවෙලවල් පිළිබඳවය. ඒ අසා ඔහුගේ පොලිස් මිතුරන් විශ්මයයට පත්වූ බව ඔහු පැවසීය. අප බොහෝ දෙනා එවන් වැඩ පිළිවෙලවල් ගැන අසා ඇති වුවත් එම මතකයන් නැවත සිහිපත් වූයේ මෑතක දී සිඩ්නි චිත්රපට උළෙලේ ප්රදර්ශණය කරන ලද ප්රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද පැරඩයිස් චිත්රපටය නැරඹීමෙන් පසුවය.

තරුණ ඉන්දියානු සංචාරක යුවලකට අයත් වටිනා ඉලෙක්ට්රොනික සංනිවේදන මෙවලම් සොරාගැනීම පිලිබඳ කළ පැමිණිල්ල විභාග කිරීම සඳහා සාජන් බණ්ඩා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඔවුන් නැවතී සිටි හෝටලයට පැමිණෙති. සාජන් බණ්ඩා මුලින් ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්වුවද තරුණයාට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා බලපෑම් කල හැකි බව දැනගැනීමෙන් පසු ක්රියාත්මක වෙමින් ඉහතකී ලෙස සැකකරුවන් යයි අනුමාන කරන කිහිප දෙනෙක් බලහත්කාරයෙන් පොලිසියට රැගෙන එනු ලබති. පොලීසියේදී ඔවුන් හට නොයෙක් අකාරයේ මානුෂික හිංසාවනට මුහුණ දීමට සිදුවන්නේය. ඒ හේතුව නිසාදෝ ඔවුන්ගෙන් එක් අයෙකු වරද පිළිගත් බව සාජන් බණ්ඩා ප්රකාශ කොට සිටියත් සොරා ගත් භාණ්ඩ සොයා ගැනීම වෙනුවට සංචාරක යුවලට මහත්වූ අකරතැබ්බයනට මුහුණ පෑමට සිදු වන්නේය. පුද්ගල වටිනාකම එක් ඡන්දයකට පමණක් ලඝු කරන පොලිස් නිලධාරීන් උද්ගතවූ ඛේධවාචකය තුට්ටුවකට මායිම් නොකර හෝටල් සේවකයන් දෙදෙනාවද සොරකමට හසු කරගැනීමට දරන ප්රයත්නය වඩාත් ඛේධනීය ලෙස අවසන් වෙයි .
ප්රසන්න විතානගේ ගේ කෘතහස්ත සිනමා භාවිතය ඔප කරමින් ඉන්දියානු ශිල්පීන් යොදාගෙන සිනමානුරූපීව නිර්මාණය කොට ඇති මෙම චිත්රපටියේ කැමරාකරණය හා පසුබිම් සංගීතය ආදීයේ කැපිපෙනෙන නැවුම් බවක්‌ දකින්නට ලැබෙන අතර එකිනෙකා සමග භාෂා කිහිපයකින් සංවාදයේ යෙදෙන සංස්කෘතිමය වශයෙන් සමානකම් ඇති දෙරටක පුද්ගල සබඳතාවයන් මනාව ගොඩ නගා ඇත.
මානුෂික හිංසනය පිලිබඳ කරුණුවලදී සංවේදී තැනැත්තියක් වූ චිත්රපටය නැරඹු අප මිතුරිය පැවසුවේ මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන ඕස්ට්රේලියාවේ ඈත ප්රදේශ වල ජීවත්වන ආදිවාසීන් ගේ ඉරණමද මෙයට අසමාන නොවන බවයි. එම අදහස කලින් සඳහන් කල වික්ටෝරියානු පොලීසියේ මිතුරා ලැබූ අත්දැකීමට අනුව ඉදිරිපත් කල අදහසට සපුරා වෙනස් වුවකි. දුර්වලයා මර්ධනය කිරීමේ දී අනුගමනය කෙරෙන මෙවන් අසාධාරනකම් වලට මුහුණ දීමට සිදුවීම දියුණු නොදියුණු සෑම රටකටම පොදු කාරණයක් නොවේද ?

No comments:

Post a Comment

පැරඩයිස් | PARADISE

  ඕස්ට් ‍ රේලියාවේ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී හා ප් ‍ රශ්ණ කිරීමේදී අනුගමනය කරන මෘදු ක් ‍ රියා පටිපාටිය ගැන කතා බහක යෙදුනු...