Monday, May 8, 2023

අසා දැනගතිමි මෙසේ....




 





අසා දැනගතිමි මෙසේ....

 

අනුවනකමින් හට ගැනෙන 

කිසිවක් විය හැකිද ඇත්ත?

නැවත නැවත සකස්වන බොරුවම මිස,

පිහිටන්නට නොහැකි, එනිසාම දුක් වූ 

 

ජීවිතයම බොරු වී නම් 

ගෙතිය යුතුවේ බොරු, තව තවත්

පවත්වා ගන්නට එම බොරුව

ඇලීම් ගැටීම් හා යෙදෙන

 

දකින්නේ අහන්නේ විඳින්නේ,

ඒ අනුව සිතන්නේ ද බොරුවම නම්

කෙලෙස දකින්නද ඇත්ත 

එය වසා පැතිර ඇතිනම් බොරුව ?  

 

විනිවිද යෑමට එම මයා දැල

මිදෙනු පිණිස ඇත්ත දැක

පෙන්වා ඇත මග අප බුදු සමිඳු   

කෙලෙස ඇත්ත විය හැකිද මා එවිට?


No comments:

Post a Comment

Riverstone: A Haunting Journey Through Sri Lanka's Dark Past

  A Film by Lalith Rathnayake Historical Context: The Shadows Behind the Story The politicians who received state security protect...