Friday, March 24, 2023

දුක හටගැනීම:අචේල කස්සප සූත්‍රය ( සංයුත්ත නිකාය )



 


බුදුන් වෙත එළඹි අචේල කස්සප 

උන්වහන්සේට වැඳ නමස්කාර කර 

ඉල්ලා සිටියේය අවසර 

පැනයක් අසන්නට 


මේ එයට සුදුසු කාලය නොව 

පිණ්ඩපාතයේ වඩින වෙලාවයි   

පවසා සිටි සේක   

බුදුන් වහන්සේ ඔහුට 


නොසෑහී එම පිළිතුරින් 

ආයාචනය කරන්නට වූ හෙයින් තෙවරක්ම

'එසේනම් අසව, කිමෙක්ද නුඹේ පැනය'

විමසූ සේක මහා කාරුණිකයාණෝ 


භවත් ගෞතමයිනි, පහදා දෙනු මැන 

දුක තමා විසින් කරන ලද්දේද? 

'නොකියව එසේ,

මම එසේ නොකියමි '


නැතිනම් අනෙකෙකුද

දුක ඇතිකරන්නේ, ස්වාමීනි ?

'නොකියව එසේ,

මම එසේ නොකියමි' 


තමනුත් අනනුත් නොවේනම් 

ඉබේමද දුක හටගන්නේ, ස්වාමීනි ?

'නොකියව එසේද,

මම එසේ නොකියමි' 


සෑම පැනයකටම මා අසන  

පවසන්නේ ඔබ, එසේ නොකියන්න 

මා එසේ නොකියමිය කියාය ස්වාමිනී, 

දුකක් නැතිද, ඔබ එය නොදන්නෙහිද?


දුක නැත්තේ නොවේ, කාශ්‍යපය,

මා දුක නොදන්නෙම් ද නොවෙමි,

දෙසනු මැන ඒ දහම ස්වාමිනි 

ඉල්ලා සිටියේය අචේල 


'දුක ඇති කරන්නේ තමා නොවේ 

නැතිනම් අනෙකෙකුද නොවේ 

ඉබේ හටගන්නක්ද නොවේ එය 

හේතුන් නිසාමය දුක හට ගන්නේ' 


අවිජ්ජා පච්චයා සංඛාරා 

සංඛාර පචචයා විඥානං 

විඥාන පචචයා නාමරූපං....

දෙසු සේක උන්වහන්සේ, 


පටිච්චසමුප්පාද දහම !


අචේල කස්සප සූත්‍රය ( සංයුත්ත නිකාය )


No comments:

Post a Comment

Riverstone: A Haunting Journey Through Sri Lanka's Dark Past

  A Film by Lalith Rathnayake Historical Context: The Shadows Behind the Story The politicians who received state security protect...