Thursday, September 4, 2014

මුළාව : අමරසිරි පීරිස්



ගායනය  : අමරසිරි පීරිස්
සංගීතය : කළණි පෙරේරා
පබැඳුම : ලලිත් මල්ලවාරච්චි



නෙත ගැටෙන රුවද ඔය ?
ඔය තියෙන රුවද මේ  ?
සිත රැඳුන තැන් පටන්
දකිනා ලෙසින් යලිත්
තෙරපවන  
මා පෙලන 

නෙත නොගැටුනත් නැවත 
නිබඳ සිත සැරිසරන 
හමුවූවොතින් යලිත්
සැනසුමයි මා පතන
මගෙමයි කියා සිතන 

එහෙත් ඔබ නොවන
සොවින්  සිත තවන 
තවත්  මගෙ නොවන  
මුලාවයි මා වෙලන 



නෙත ගැටෙන්නේ එකකි අප දකින්නේ අනෙකකි. අප සැපදුක් විඳින්නේ දකින දේවල් අරබයා සිතෙහි ඇඳෙන නිමිති වලින් මිස බාහිර පවතින දේවල් වලින් නොවේ. මෙලෙස අපි ඇසුරු කරන දේවල් හෝ පුද්ගලයින් ඇත්තෙන්ම නොපවතින බැවින් අනිත්ය වේ, අනිත්ය වන නිසාම දුක ගෙන එයි , එබැවින් අනාත්මද වේ.

‘යදනිච්චං තන් දුක්කං යං දුක්කං තදනත්තා’



No comments:

Post a Comment

Riverstone: A Haunting Journey Through Sri Lanka's Dark Past

  A Film by Lalith Rathnayake Historical Context: The Shadows Behind the Story The politicians who received state security protect...