Friday, February 24, 2023

වීනාවේ හඬ

 




 

 


 

 

වීණාවේ හඬ

 

අසා වීණාවක හඬ

මුසපත් වූ රජ තෙමේ 

අන කොට සිටියේය 

තම සේවකයිනට   

වහා රැගෙන එන ලෙස 

එම හඬ තමා වෙත

 

සේවකයින් වහා ගොස්  

වීණාවක් ගෙන විත් රජු වෙත 

පිළිගන්වා කියා සිටියේ  

මෙයයි  රජ තුමනි 

ඔබ ඉල්ලා සිටි 

එම හඬ නිපදවන වීනාව

 

කිමෙක්ද  මේ

ගෙන එව ඒ හඬ මා වෙත 

අන කළේය රජු නැවත 

හඬ නිකුත් වන්නේ රජ තුමනි   

වාදනය කල විටය

යමෙක් දණ්ඩකින් වීනාව   

 

එසේ නම් කිම එයින් ඇති පල 

වහා කඩා බිඳ දමව එය 

කුඩා කැබලිවලට 

පුළුස්සා  එම කැබලිති 

පාකොට හරිනු සුළඟේ 

හෝ  ගංගාවක එහි අළු  

 

වීණාව නම් ලාමකය

ඒ ලෙස වූ සියල්ල ලාමකය,

මේ කෙරෙහි ජනයා 

බොහෝ සේ ප්‍රමාද වූයේ, 

ඒ සියල්ල හිස් බවින් 

යුතු වන්නේය' 

 

(වීණොපම සූත්‍රය: සංයුත්ත නිකාය)


No comments:

Post a Comment

Riverstone: A Haunting Journey Through Sri Lanka's Dark Past

  A Film by Lalith Rathnayake Historical Context: The Shadows Behind the Story The politicians who received state security protect...