පැරණි සිංහල සාහිත්‍යය අගැයූ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඉංග්‍රීසි මහාචාර්ය වරයා
සිංහල නාට්‍ය හා සිනමා ක්ෂේත්‍ර වල ස්වර්ණමය අවධිය ලෙස සැලකිය හැකි 1970-80 වකවානුවේ ඇතැම් පරිනත මෙන්ම අංකුර කලාකරුවන් අත ද ඉංග්‍රීසි සාහිත්‍ය හෝ කලාව පිළිබඳව ලියැවුණු පොතක් නිරතුරුව දකින්නට ලැබුණි . ඒ හුදෙක් ව්ලසිතාවකට ම නොව ඔවුන්ගේ කියවීමේ නැඹුරුව ප්‍රකාශ කිරීමක් බව එකල වූ පිලි ගැනීම විය.
එම නැඹුරුව හා ඉන් ලැබුණු පන්නරය ඔවුන්ගේ නිර්මාණ වලින් පිළිබිඹු වුණු අතර නාට්‍ය හෝ වේවා සාහිත්‍ය හෝ වේවා බොහෝවිට ඒවා ලොව ශ්‍රේෂ්ඨ කෘති වල පරිවර්තන හෝ අනුවර්තන ලෙස ඉදිරිපත් විය. ජාත්‍යන්තර කළා කෘති රස විඳීමට හා හැදෑරීමට එකල තිබු සීමිත ඉඩකඩ තුල පොතකින් ලබාගත හැකි දැනුම විශිෂ්ට ලෙස භාවිතා වූ බවට සාධක එමට විය. ඉංග්‍රීසි කියවීමට අපහසු පාඨකයනට එම ඉඩ කඩ ද ඇහිරී තිබුණු අතර මෙම අඩුපාඩුව පියවුනේ සිංහල පාඨකයන් අතර ජනප්‍රිය වූ සෝවියට් පොත පත ආදිය නිසාය. ඒ ඔස්සේ ද ලාංකික කලාව බෙහෙවින් පෝෂණය වූ බවට බොහෝ උදාහරණ ඇත. එවැනි ප්‍රවණතා නිසාම යි ස්ථිරවම කිව නොහැකි වුවත් කලා ක්ෂේත්‍රය තුල පැරණි සිංහල සාහිත්‍ය කෘතිවලට නිසි අවධානය හා යොමුවීමක් තිබුනාදැයි සැක සහිතය.
මෙම සටහන ලියන්නට අදහස් කලේ මෑතකදී කියවන්නට ලැබුණු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ තීර්ථ යාත්‍රා කෘතියේ සාකච්ඡා කෙරුණු මෙම කාල වකවානුවට සම්ගාමීව ඉංග්‍රීසි උගත් (ශාස්ත්‍රාලයීය) සමාජයේ ඔහු අත්දුටු කාරණයක් හේතුවෙනි.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් ලන්ඩනයේ බීබීසී ගුවන්විදුලියේ තම මතකයන් පිලිබඳ ලියැවුණු තීර්ථ යාත්‍රා පොතේ එක පරිච්චේදයක් වෙන් කොට තිබුනේ ඔහුට එවකට (1970) එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්ය වරයෙකු වූ ගාමිණි සල්ගාදු මහතා හමුවීම පිලිබඳවයි.
මහා බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් බී.බී.සී මැදිරියට ගෙන්වා කල සාකාච්චා වටයක් සඳහා සල්ගාදු මහාචාර්ය වරයාද සහභාගී වී තිබිණ.
සුනන්ද මහාචාර්යවරයාට අනුව බ්‍රිතාන්‍යයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා එහි පැමිණි ලාංකික උගතෙකු වූ ගාමිණී සල්ගාදු ඒ වනවිට ප්‍රධාන පෙළේ පර්යේෂණ හතරක් නිම කොට තිබිණ. ඔහුගේ පුරෝගාමී පර්යේෂණය වී ඇත්තේ ඩී.එච්. ලෝරන්ස් පිලිබඳවය. ඉන්පසු ඔහු පුනරුද සමයේ ඉංග්‍රීසි ප්‍රහසන නාට්‍ය කලාව පිලිබඳවද පර්යෂණයේ යෙදී ඇත.
ආචාර්ය උපාධිය සඳහා ඔහු ලියූ නිබන්ධය පසු කලක පෙන්ගුවින් පොත් සමාගමින් ප්‍රකාශයට පත් වී තිබිණ .
සුනන්ද මහේන්ද්‍ර මාහාචාර්යවරයා මෙසේ පවසයි.
"මම බී.බී.සී බුෂ් හවුසියේ සිට සල්ගාදු මහාචාර්ය වරයා ඇරලවිමට උමං දුම්රියපළ දක්වා පැමිණියෙමි.
දුම්රියේ කියවීම සඳහා ඔහු අතේ පොතක් තිබෙනු දුටු මට එය නවීන වැදගත් ඉංග්‍රීසි පොතකැය් සිතා ...
" මොකක්ද ඔය අලුතින් බිහිවුණු පොතක්ද ...? " යි ඇසුවෙමි .
ඔහු අත තිබු පොත මා අතට පත් කොට මද සිනහවක් පෑවේය .
ඒ පොත 'සැළලිහිණි සංදේශයේ' පිටපතකි.
මම හුඟක් වෙලාවට ආශාවෙන් කියවන්නේ ගුත්තිලය හරි සැළලිහිණි සංදේශය හරි කියන පොත් දෙක තමයි ..."
මම නිරුත්තරව බලා සිටියෙමි.
මේවායින් පුදුම රසයක් ලබාගන්නට පුළුවන් .." යි
ඔහු ඊළඟට කීවේය .
ලාංකික ඉංග්‍රීසි මහාචාර්යවරයා
මෙසේ තනවමත් ශාස්ත්‍රීය සිංහල පොත්පත් කියවද්දී
අප මොනවද මේ කරන්නේ යන ලැජ්ජාව මා තුල රැඳිනි .
අප දෙදෙනාගේ ඇසුර තව තවත් සමීප විය.
මම ලංකාවට පැමිණියෙමි.
ගාමිණි සල්ගාදු නමැති ලාංකික ඉංග්‍රීසි මහාචාර්යවරයෙකු මහා බ්‍රිතාන්‍යයේදී මිය ගියා ය යන පුවත ඉතා කෙටියෙන් ලංකාවේ ඉංග්‍රීසි පුවත් පතක පළවුයේ 1980 දී විය යුතුය . මම සල්ගාදු මහාචාර්යවරයා පිලිබඳ කෙටි සටහනක් ලියා සිංහල සඟරාවකට යැවුවෙමි . එය ආපසු හරවා ඒවා තිබිණ .
මම ඒ සඟරාවේ කතුවරයා හමු වී ඒ ගැන ප්‍රශ්න කලෙමි.
" ඇයි මේ ලිපිය ඔබේ සඟරාවේ පල නොකළේ...?"
මම ඇසුවෙමි.
"අපි ඔය මනුස්සයා ගැන දන්නේ නෑ ..."
"ඉතින් ඒ නිසාමනේ මම ඔය ලිපිය ලිව්වේ ..."
ඔය වගේ දේ වල් ගැන අපේ පාඨකයින් ඒ හැටි උනන්දුවක් දක්වනවා කියල හිතන්න අමාරුයි ..."
"මම දන්නවා ඔහේලාගේ පාඨකයින් උනන්දුවක් දක්වන්නේ මොනවා ගැනද කියල..." යි හෙමින් මිමුනූ මම එතනින් ඉවතට ආවෙමි."
අපූරු කතාව ලලිත්.
ReplyDeleteගාමිණී සල්ගාදු ලියූ ජීවිත සටහන් පොතක් ඇතිනම් සොයාගෙන කියවන්න හිතුණා.
https://www.amazon.com/s?k=gamini+salgado