Thursday, June 21, 2018

ලෝකෝත්තර විමුක්තිය සහ නිවන





බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා  'සුඛ කාමානි භූතානි ' කියලා , කියන්නේ ලෝකයා සෑම විටම සැපයට කැමති බව, සැප ලැබෙන දේම සොයන බව. කාමයන්ම ඇසුරු කරමින් ජීවත්වන ලෝකයා එයින් ලැබෙන සැප වලින් තෘප්තිමත් නොවූ විට  පිලිබඳ ඔවුනට ඇතිවන්නාවූ අසහනය හා කලකිරීම හේතුවෙන් කාමයන්ගෙන් වෙන්වීමට පෙළඹෙනවා.   

සෑම මොහොතකම සැපය අපේක්ෂා කරන ලෝක සත්වයා කාමයන්ගෙන් මිදෙන්නට උත්සාහ කරන්නේද යම්කිසි සැපයක් බලාපොරොත්තුවෙන්.  මේ අරමුණින් ඔවුන් කුමන හෝ  ප්‍රතිපදාවක යෙදෙන විට රාග ද්වේශ යටපත් වීම නිසා යම් මට්ටමක  සැපයක් අත්විඳීමට ලැබෙන බැවින් එම සැපය විඳිමින් වාසය කිරීමට කැමැත්තක් ඇති වෙනවා.  නිසා තමයි බොහෝ අය එවැනි සැපයක් නැතිනම් සැනසීමක් හොයාගෙන වන ගත වෙන්නෙ, කාමයන්ගෙන් වෙන්ව සිටීමට පෙළඹෙන්නේඔවුන් සිතනවා එමගින් විමුක්තියක් ලබා ගත හැකිය කියාරාග ද්වේශ යටපත් වීමෙන් ධ්‍යාන පවා ලබා ගත හැකි නිසා. මෙවැනි ක්‍රම අනුගමනය කරන නිසා මරණින් පසු ඔවුන්ට  බ්‍රහ්ම ලෝක වල ඉපදීමටද හැකි වෙනවා නමුත් එම ලෝකවල කල්ප ගණන් ආයුෂ විඳින්නට හැකිවුවත් නැවත ආපසු එනවාමින් අදහස් කරන්නේ  එවැනි ප්‍රතිපදාවන් අනුගමනය කිරීමෙන් වැළකිය යුතුය කියා නොවේ නමුත් සැබෑ විමුක්තිය සඳහා බුදු දහමෙහි පෙන්වන මාර්ගයට යොමු විය යුතු බවයි.

වටිනා බුද්ධ දේශනාවක් තිබෙනවා මෙය තේරුම් ගැනීමටවිෂ පෙවූ ඊ තලයකින් පහර කෑ පුද්ගලයෙකු ඔහුගේ නෑ හිතවතුන් විසින් වෛද්‍යවරයෙකු වෙතට යොමු කරනවා. හීය ඇනී ඇති අකාරය පරික්ෂා කරන එම වෛද්‍ය වරයා ඉක්මනින් එය ඉවත් කරනවා. නමුත් ඒ පුද්ගලයා වෛද්‍යවරයා දෙන අනෙකුත් උපදෙස් නොතකා විෂ සහිත තුවාලයට බෙහෙත් නොකර දැන් මම හීයෙන් නිදහස් වුනා කියා සෑහීමකට පත්වනවා. මෙය මුලාවක්, මක්නිසාද යත්  තුවාලය නොසලකා හැරියොත් ටික දිනකින් මිය යාමට හෝ ඒ හා සමාන දුකකට පත් වන නිසා . මෙම  උපමාවේ දැක්වූ ලෙසට තේරුම් ගත යුතුයි රාග ද්වේශ වලින් මිදුණු පමණින් ඒවා නැවත ඇතිවීමට ඇති ආධ්‍යාත්මික හේතුව වන මෝහය දුරු නොවන බව බව. මෝහය ඉවත් නොකලොත් සසරෙන් මිදෙන්නට බැරි බව බුදුන් වහන්සේ එම උපමාව යොදාගෙන පැහැදිලි කර තිබෙනවා. 

මේ අතර තවත් අය බුදු දහමට යොමු වී මාර්ගඵල ලබා ගැනීම සඳහා උත්සාහ කරනවා, නමුත් ඒද තමාට සෝවාන්, සකෘදාගාමී , අනාගාමී ඵල ලබාගැනීමට හෝ තමාව නිවන් දක්වාගෙන එතුලින් ලබාගත හැකිවන සැපයක් අපේක්ෂාවෙන්.  මෙසාවූ නොයෙක් ප්‍රතිපදාවන් අනුගමනය කිරීමට හේතුවත් එක්තරා විධියකට කලකිරීමක් නිසා තමයි ඒත් ඒ කාමයන්ට ඇතිවුන කලකිරීම. දහමේ දැක්වෙන කලකිරීම ඊට වඩා බොහෝ ගැඹුරු දෙයක්. ඒක ඇතිවෙන්නේ සත්‍ය  දුටු විට, හේතු ප්‍රත්‍ය ස්වභාවය වැටහෙන කොට. ඒකට ප්‍රඥාව මුලික වෙනවා.

ප්‍රඥාව  වැඩිය යුතු දෙයක් , මානසික ප්‍රකල්පයන් අතහැර සත්‍ය කරා ක්‍රමයෙන් යොමු වන විට  ප්‍රඥාව වැඩෙනවා. මෙයට යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙනවා. එවිට කලකිරෙන්නේ මනසින්  නොවේ, තමා උපදවා ගත්  සංකල්ප ඔස්සේ නොවේ, ප්‍රඥාවෙන්. සත්‍ය සොයමින් යන පුද්ගලයා කිසි විටක තමාට මාර්ග ඵල ලබාගැනීමට හෝ තමාව නිවන් දැක්වීමට උත්සාහ කරන්නේ නෑ . 

ඕඝ තරණ සූත්රයේ දැක්වෙන අන්දමට දෙවියෙකු විසින් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා, පිහිටා සිටීමෙන් හෝ වෑයම් කිරීමෙන් තොරව ඕඝය තරණය කල බව, මෙම දේශනාව විමසා බැලීමේදී පැහැදිලි වෙනවා උන්වහන්සේ අදහස් කලේ කුමක්ද කියා, නම්  යමෙක්  ඕඝය තුල පිහිටා සිටියොත් ගිලෙනවා , වෑයම් කලොත් ඉලිප්පෙනවා නමුත් වෙහෙසට පත්වී ගිලෙනවා ,දෙදෙනාම තවමත් ඕඝය තුලමයි. මෙය දහමට ගලපා බලන විට  පිහිටා සිටීම යනුවෙන් අදහස් වන්නේ කෙනෙකු රාග ද්වේශ සමග ජීවත් වීමත්, වෑයම් කිරීම යනු තැනැත්තා රාග ද්වේශ වලින් වැලකී සිටීමට උත්සාහ කිරීමත් ලෙස සැලකිය හැකි වෙනවා, නමුත් කුමන ක්‍රමයට සිටියත් එම තැනැත්තා සිටින්නේ ලෝකය තුලම බව වැටහෙනවා. එනම් කාමයන් සමග ජිවත් වෙමින් (පිහිටා සිටිමින්) හෝ එසේත් නැතිනම් කාමයන්ගෙන් වෙන්ව සිටීමට උත්සාහ කරමින් (වැයම් කරමින්). බුදුන් වහන්සේගේ මුල්ම දේශනාව වූ දම්සක් පැවතුම් සුත්‍ර දේශනාවේදී  මෙම අන්ත දෙක, කාම සුඛල්ලිකානු යෝගය හා අත්ත කිලමතානු යෝගය ලෙස ප්‍රතික්ෂේප කර වදාලා .

සක්කාය දිට්ඨිය

එක්තරා දීර්ඝායූ දෙවියෙක් දකිනවා ලෝකේ මනුෂ්‍යයන් රාග ද්වේශ වලින් පීඩා විඳිමින්ඉපදෙමින්මැරෙමින් දුක් විඳින ආකාරය. මෙම දෙවියා දීර්ඝායුෂ ඇති දෙවියෙක් නිසා මනුෂ්‍යයන් ඉතා කෙටි කාලයක් ජීවත් වෙමින් ඉපදෙමින් මැරෙමින් දුක් විඳින අකාරය දැක ඒ නිසා ඇතිවූ අනුකම්පාවෙන්  බුදුන් වහන්සේ හමු වෙලා කියනවා ජාති ජරා මරණය නිසා මෙසේ දුක් විඳින මනුෂ්‍යයන්, හිස ගිනිගත් අය මෙන් කාම රාගය දුරු කර ගැනීම සඳහා වෙහෙසෙමින් සුගතිගාමී වීමට උත්සාහ කල යුතු බව. හිස ගිනිගත් අයෙකු අන් සියලු ප්‍රශ්ණ පසෙකලා එම ගින්න නිවා ගැනීමට උත්සාහ කරන නිසා. එම දෙවියාට බුදුන් වහන්සේ කියනවා ඔව් ඔවුන් හිස ගිනි ගත් අය මෙන්  වහා උත්සාහ කල යුතුයි නමුත් ඒ කාම රාගය දුරු කිරීමට නොව සක්කාය දිට්ඨිය දුරු කිරීමට බව. මෙය ඉතා වටිනා දේශනාවක්. ඉන් පැහැදිලිවෙනවා සක්කාය දිට්ඨිය කොතරම් බරපතල කාරණයක්ද කියලා.

දිනක්  ආනන්ද ස්වාමින්වහන්සේ දකිනවා දුනු ශිල්පයෙහි දක්ෂ ලිච්චවි කුමාරවරු ඉලක්කයට විදින්න පුහුණු වනවා, එක කුමාරයෙක් එක් පැත්තක ඉඳන් හීය විදිනකොට ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉඳන් තවත් කුමාරයෙක් හීයක් විදිනවා එම තල දෙක එකිනෙකට ගැටෙන විධියට. ආනන්ද ස්වාමීන් වහන්සේ පුදුම වෙලා බුදුන් වහන්සේට ගිහින් කියනවා ස්වාමීනි කොතරම් ආශ්චර්යක්ද ලිච්චවී කුමාරවරු හරි දක්ෂ ලෙස ඉලක්කයට විදිනවා මම දැක්කා කියලා . බුදුන්වහන්සේ කියනවා ආනන්ද, හිතන්න දුනුවායෙක් අශ්ව ලෝමයක් හතකට පලලා අඳුරේ ඈතින් එල්ලලා, විදුලි කොටන එළියෙන්   අස් ලෝමයට විදිනවා කියලා, ඒකද අමාරු නැතිනම් අර  ලිච්චවී කුමාරවරුන්ගේ විදිල්ලද කියලා උන්වහන්සේ අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා ස්වාමිනී, ඒක නම් හිතා ගන්නත් බැරි තරම් අමාරු දෙයක් කියලා. බුදුන්වහන්සේ කියනවා ආනන්ද, සක්කාය  දිට්ඨිය දුරු කිරීම ඊටත් වඩා අමාරු දෙයක් කියලා. 

දුක පිරිසිඳ දැක, මෙසේය දුකට හෙතුව , මෙසේය  දුකේ නිරෝධය මෙසේය දුක නිරුද්ධ කිරීමේ මග කියා ප්‍රඥාවෙන් දැකීමෙන්, විනිවිද දැකීමට අපහසු වූ දහම අවබෝධවී සක්කාය දිට්ඨිය දුරුවන බව බුද්ධ දේශනාවයි. 

සක්කාය දිට්ඨිය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන (පංච උපදාන ස්කන්ධය) තුල 'තමා' කියන පැවැත්මක් තියෙනවා කියන එක. රූප දකින්නේ තමා, ශබ්ද අහන්නේ තමා , තමාට තිබෙන රූප පෙනෙනවා තමාට තිබෙන ශබ්ද ඇහෙනවා ආදී ලෙස තමා කියන පදනම මත බාහිර ලෝකයත් එක්ක එකතු වෙන්නේ. හැම තිස්සෙම ඉන්නේ තමා වටාමයි. නමුත් ඇත්ත නම් මෙය හේතු ඵල දහමක ක්‍රියාවලියක් බවත් අනුව තමා යනුවෙන් ගැනීම වැරදි බවත්ය. 

කල්‍යාණ මිත්‍ර ඇසුර තුලින් සද්ධර්මය අසාගෙන එය විමසන පුද්ගලයා මුලින්ම තමාගේ ප්‍රශ්ණය තේරුම් ගෙන ක්‍රමයෙන් සත්‍ය කරා යොමු වනවා. එනම් පංච උපාදාන ස්කන්ධය තමා ලෙස ගැනීම

මින් අදහස් වන්නේ මා නැති බව සිතීම නොවේ, තමා ලෙස ගැනීමේ ඇති වැරද්ද අවබෝධ කරගැනීමයි , එය හුදෙක් අවිද්‍යාව නිසාම ඇතිවූ දිට්ඨියක් පමණක් බවත් අවිද්‍යාව නැතිවීමෙන් එය නැතිවන බවත් වටහා ගැනීමයි , ඒ සඳහා ප්‍රඥාව උපදවා  සම්මා දිට්ඨියට පැමිණිය යුතුයි . සම්මා දිට්ඨිය යනු දුක පිලිබඳ නුවණ, දුක ඇතිවීම පිලිබඳ නුවණ, දුක නැතිවීම  පිලිබඳ නුවණ දුක නැතිවීමේ මාර්ගය පිලිබඳ නුවණ ඇති වීමයි.  කළ යුත්තේ දුක ප්‍රහාණය කිරීම නොව දුක පිරිසිඳ දැකීමයි, ඉහත දැක්වූ ලෙස දුක ප්‍රහාණය කිරීමට උත්සහ කරන්නේ 'තමා' මුල් කරගෙනයි, එමගින් ‘තමාට සැපයක් ලඟා කර ගැනීමටයි. දුක පිරිසිඳ දුටු විට දුක්ඛ සමුදය පිලිබඳ ඥානයද නිරෝධය පිලිබඳ ඥානයද , දුක්ඛ නිරෝධය සඳහා වන මාර්ගය පිලිබඳ ඥානයද ඇතිවේ.

දුක පිරිසිඳ සෙවීම 

ජාති  ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස  ආදී ලෙස දේශනා කොට ඇති දුක් අපට ගෝචර වන ආකාරයට සංක්ෂිප්තව හැඳින්විය හැක්කේ අපට කැමති දේ නොලැබීමත් , කැමත්තට අනුව ලැබෙන දේ  ආකාරයට නොපැවතී වෙනස් වීමත් ලෙසටයි. දුක්ඛතා සූත්‍රයේ  බුදුන් වහන්සේ දේශනා කරනවා තුන් ආකාරයක දුක් ගැන, දුක්ඛ දුක්ඛ , විපරිනාම දුක්ඛ හා සංස්කාර දුක්ඛ යනුවෙන්. කැමති දේ නොලැබීමත් , කැමත්තට අනුව ලැබෙන දේ  වෙනස් වීමත් අයත්වන්නේ මෙයින් මුල් දුක් කාණ්ඩ දෙකටයි.

අපට සැප දේ ලැබෙන විට කැමැත්තෙන් බැඳෙනවා, අකමැති දේ ලැබෙන විට ගැටෙනවා. මේ සියල්ල ලැබෙන්නේ ඇස, කන, දිව, නාසය, කය හා මනසිනුයි, එනම් ආයතන හරහා සිදුවන පංච උපාදාන ක්‍රියාවලියක් තුලිනුයි, දුක සකස්වන්නේ මෙම ක්‍රියාවලිය  නිසයි . ඉතින් දුක පිරිසිඳ සෙවීමට පංච උපාදානස්කන්ධ  ක්‍රියාවලිය විමසා බැලිය යුතුයි. මෙහිදී ප්‍රකට විය යුතු කරුණ නම් පංච උපාදානස්කන්ධ යනු හේතුන් නිසා ඇතිවන ඵලයක් බවයි.

පංච උපාදානස්කන්ධය සහ අනිත්‍යය

උදාහරණයක් ලෙස, වීනාවක ශබ්දය ඇතිවන ආකාරය ගැන විමසා බැලීමෙන් මෙය පහසුවෙන් තේරුම් ගත හැක . එක් රජතුමෙකුට වීණාවක හඬ අසන්නට ලැබෙනවා. එම හඬට ආශා කරන රජතුමා සේවකයන්ට අණ කරනවා එම හඬ රැගෙන එන ලෙසට. සේවකයින් වහා ගොස්  වීණාවකුත් එය වාදනය කරන දණ්ඩත් ගෙනැවිත් රජතුමාට දෙනවා. මින් සෑහීමකට පත් නොවන රජතුමා පවසනවා, ' මේ මොනවද මට මේවා ඕනෑ නෑ මට ඕනෑ හඬ' කියා. එවිට සේවකයින් රජතුමාට පහදා දෙනවා වීණා හඬ කියන්නේ මේ වීණාව වාදකයෙකු විසින් දණ්ඩෙන් වාදනය  කරන විට ඇතිවන්නක් පමණ බවත් පවතින දෙයක් නොවන බවත්. ඉන් අසතුටට පත්වන රජතුමා ' එහෙනම් මට ඕවා වැඩක් නෑ ගෙනිහින් කඩලා පුච්චලා දමනවා' කියා  අණ  කරනවා.

වීණා හඬ යනු වීණාවත්, දණ්ඩත්, කෙනෙකු විසින් එය  වාදනය කිරීමත් යන හේතූන් නිසා හට ගන්නක් මිස පවතින දෙයක් නොවන බව මෙම උපමාවෙන් තේරුම් ගත හැකියි . මෙසේ සිදුවන හේතු ඵල ක්‍රියාවලිය විමසීමේදී දේශනාවේ දුක හඳුන්වාදීමේදී අවසානයට පංච උපාදනාස්කන්ධා දුක්ඛා යනුවෙන් යෙදීම සඳහා වූ පසුබිම පැහැදිලි වෙනවා., එනම් දුක යනු හේතුන් නිසා සකස් වන්නක් බව. ඉහත සංස්කාර දුක්ඛ යනුවෙන්  හැඳින්වුයේ මෙම සකස් වන දුකයි .

දුක ඇති වීමට මූලික හේතුව වන්නේ අවිද්යාවයි. අවිද්‍යාව යනු ආර්ය සත්‍ය වනදුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය හා දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව පිලිබඳ අඥාන බවයි. පටිච්ච සමුප්පාද ධර්මයට අනුව, එනම් හේතු ප්‍රත්‍ය දහමට අනුව දුක සකස් වන අකාරය දකින විට දුක්ඛේ අඥාන කම දුරුවී දුක්ඛේ ඥානය ඇතිවේ. අනුවම දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය හා දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව පිලිබඳවද ඥානය ඇතිවේ. මේ අනුව අවිද්‍යාව දුරු වීම නිසා නැවත දුක සකස් වීමට ඇති හේතුව දුරුවන බව පැහැදිලි වේ. එමනිසා නැවත සංස්කාර සකස් වීමක් සිදු නොවන නිසා (අවිද්‍යා නිරෝධෝ සංස්කාර නිරෝධා)  නිවීමට හැකි වනවා.

අවිද්‍යාව 

සත්‍ය නොදැනීම නම් වූ අවිද්‍යාව නිසා දුක සකස්  වන ආකාරය තේරුම් ගැනීමට චිත්‍රපටයක් නරඹන අවස්ථාව විමසා බැලිය හැකිය. උදාහරණයක් ලෙස ක්‍රියාදාම චිත්‍රපටයක් නරඹනවිට එහි දකින්නට ලැබෙන ත්‍රාසජනක අවස්ථා ,වාහන පෙරලීම්, ගොඩනැගිලි ගිනි ගැනීම් ආදිය නිසා ප්‍රේක්ෂකයා කම්පනයටත්, බියටත් සංවේගයටත්  පත්වේ. සටන් ජවනිකා වල තමා කැමති චරිතය පසුබෑමට ලක්වන විට දුක්වේ. ඒ තම මානසික සංකල්ප තිරයේ දිග හැරෙන සිදුවීම් හා චරිත වෙත ආරෝපණය කරමින් ප්‍රේක්ෂකයා ඒ හා ආත්මියව බැඳෙන නිසාවෙනි. ඔවුන් චිත්‍රපටිය නිෂ්පාදනය කිරීමේදී  කෙරුණු රඟපෑම් , වෙස් ගැන්වීම්, යොදාගත්  තාක්ෂණික ප්‍රයෝග හා සංස්කරණ ආදිය ගැන දැන නොසිටි බැවිනි. එහෙත් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාද එම චිත්‍රපටය නරඹමින් සිටියහොත් ඔහුට කිසිම සතුටක්, දුකක් හෝ කම්පනයක් ඇති නොවේ. හේතුව ඔහුගේ මෙහෙයුම යටතේ කෙරුණු  එම නිර්මාණය පසුබිමෙහි සිදුකල සියලු වෙස්ගන්වීම්, රඟපෑම්තාක්ෂණික ප්‍රයෝගසංස්කරණයන් ආදිය ගැන ඔහු හොඳින් දැන සිටීමයි. ගිනිගන්නේ සත්‍ය ලෙස පෙනුණු ගොඩනැගිලි වෙනුවට කාඩ්බෝඩ් ආකෘති බවද අනතුරට ලක්වන්නේ සෙල්ලම් කාර් බවද ඔහු දන්නා බැවිනි. යම් අකාරයකින් ප්‍රේක්ෂකයා තිරය ඉදිරියේ තමා මුලාවට පත්වී ඇති ආකාරය අවබෝධ කරගත හොත් ත්‍රාසයට හා භීතියට පත් වනවා වෙනුවට හාස්‍යට පත් වෙනු ඇත.

රූපයක් දැකීම ශබ්දයක් ඇසීම යන කුමන හෝ ක්‍රියාවලියක් වුවද පංච උපාදනස්කන්ධය  සකස් වීමක් ලෙස දැක්විය හැකිය. පංච උපාදනස්කන්ධය යනු ස්කන්ධ පහක පැවත්මයි . අර්ථ දැක්වීමේදී මෙය රූප වේදනා සඥා සංඛාර විඥාන ලෙස දක්වා ඇත්තේ ඒවා වෙන් වෙන් වශයෙන් පවතින නිසා නොවේ, පංචඋපාදානස්කන්ධය අපට ගෝචර වන ආකාරය  අනුවයි.

රූපය පිරිසිඳ දැකීම 

පංචඋපාදානස්කන්ධය(දුක) පිරිසිඳ දැකීම රූපය පිරිසිඳ දැකීමෙන් ආරම්භ කල හැකියි. එනම් රූපය උපදින අකාරය බැලීමයි . මෙය යෝනිසෝ මනසිකාරය ලෙස හඳුන්වනවා. ඉහත දැක්වූ ලෙස  සකස්වන අකාරය දකින විට සකස්වීම නොදැකීම නම් වූ හේතුව වන අවිද්‍යාව දුරුවනවා.

ඇසත් රූපයත් එක්වූ විට චක්කු විඥානයේ ඉපදීමත් තුන එක්වීමෙන් චක්කු සම්පස්සය ඇති වන ආකාරයත් දහමේ විස්තර වෙනවාමෙම සම්පස්සය නිසා ඇතිවන වේදනාව හැඳිනීමත් පිලිබඳ චේතනා පහල කිරීමකුත් , දැනගැනීමකුත් ඇතිවන බව තවදුරටත් පැහැදිලි කෙරෙනවා. මෙය රූපයක් දැකීමේ ක්‍රියාවලියයි. වීණා උපමාව හා ගැලපීමෙන් මෙම හේතු ප්‍රත්‍ය ක්‍රියාවලිය  පැහැදිලි  කරගත හැකියි. වීණාවේ හඬ වීණාව නොවේ දණ්ඩ  නොවේ වාදකයාද නොවේ. වීණා ව බාහිර ආයතනය ලෙසත්  දණ්ඩ ආධ්‍යාත්මික ආයතනය ලෙසත්  වාදකයා විඥාණය ලෙසත් සැලකිය හැකිය. වාදනය නොකෙරෙන අවස්ථාවේ වීණාව වීණාවක් බවට පත්වී නැත.  දණ්ඩ  වීණා දණ්ඩ බවට පත්වී නැත. එසේම ඇස රූපය හා එක්වී එම ප්‍රත්‍ය නිසා චක්කු විඥානය උපදින තුරු ඇසකුත් බාහිර රූපයකුත් නොමැත. විඥානය ඉපදීමත් සමගම එමගින් බාහිර රූපයකුත් එය දකින ඇසකුත් නිර්මාණය වේ. දකින රුපයක් හා එය දකින්නෙකු නිර්මාණය වන්නේ එලෙසයි

විමුක්ති මාර්ගය 

ඉහත වීණා උපමාවේ දැක්වූවා සේ රජතුමා හඬ කෙරෙහි කලකිරුණු ආකාරයට රූපයේ සකස්වීම හේතු ඵල දහමක් ලෙස ප්රඥාවෙන්  දකින්නා රූපය කෙරෙහි කලකිරෙනු ඇත. මේ අනුව රූපයේ මෙන්ම ඇසෙහි අනිත් භාවයද මින් වැටහෙන නිසා දකින්නා ලෙස මම කියා ගැනීමේ ඇති වැරැද්ද (අනාත්ම බව)  අවබෝධ වනු ඇත. එමනිසා පංච උපාදානස්කන්ධයේ කලකිරීම නිසා නොඇල්මද , නොඇලීම නිසා මිදීම නිසාම නිවීමද සිදුවන බව දහමේ පෙන්වා දී ඇත. එය කෙනෙක් මුල්වී කරන්නක් නොව දකින කෝණයේ සුවිශේෂ වෙනස් වීමක්  අනුව මාර්ගය තුලින් ඇතිවන දෙයක් බව පැහැදිලි විය යුතුය.


No comments:

Post a Comment

නාලන්දාවෙන් බිහිවූ සුවිශේෂ ක්‍රිකට් තරුව අනුර ද සිල්වා

  දහවල් එකහමාර වනතුරු නොඉවසිල්ලෙන් සිටි අප දවසේ නිමාව සනිටුහන් කරන අවසාන සීනු හඬත්   සමග පහ   වසර පන්ති පේලිය පුරා රැවු දුන්   යෝ වදතං පවරෝ ...