Monday, September 10, 2012

හරි දැක්ම






දකිනා දෙය තියෙන දෙය නොවෙනා ලෙසම
තියෙනා දේ නොදකිනා බවමය සත්‍ය
දැනගත් විට මෙතැන නිති රැවටෙන බවට
දුරු කල හැක කෙලෙස් අප සසරේ වෙලන

මිරිඟුව ජලය ලෙස දැක රැවටෙන විලෙස
මිනිසා නොරැවටෙය් තතු දැනගෙන නියත
එනමුදු සසර සැප දුක විඳිනා අතර
රැවටෙනු කිමද මිරිඟුව දුටු මුවෙකු ලෙස

විමසන විට යමක් නොපෙනී යන අතර
නොපෙනී තිබු දෙයක් මතුවී එන අයුර
දුටු විට හේතු පල දහමක් වනු මෙලෙස
එයමය කිසිම දෘෂ්ටියකට නැති දැකුම

No comments:

Post a Comment

Riverstone: A Haunting Journey Through Sri Lanka's Dark Past

  A Film by Lalith Rathnayake Historical Context: The Shadows Behind the Story The politicians who received state security protect...